ඔබේ හිසකෙස් හැලීයාමට හේතු මේවා විය හැකියි!

ඔබ විටමින් ඌණතාවයෙන් පෙළෙනවා විය හැකියි.

යකඩ සහ විටමින් B12 ඌණතාව නිසා හිස කෙස් හැලීම සිදුවන බව වෛද්‍යවරුන් විසින් පවසනවා. ඒ නිසා එම පෝෂක කොටස් අඩංගු ආහාර වැඩි වැඩියෙන් ගැනීමට හුරු වීම වැදගත්
 ඔබ ගනිමින් පවතිනා බෙහෙත් වර්ග

කිසියම් රෝගාබාධයක් සඳහා ප්‍රතිකාර ගැනීමේදී භාවිතා කරන බෙහෙත් වර්ග වල අතුරු ප්‍රතිඵලයක් ලෙසද හිස කෙස් හැලී යාම සිදුවනවා. එම බෙහෙත් වල කුමන අන්තර්ගතය නිසා හිස කෙස් හැලී යාම සිදුවනවාදැයි කීමට අපහසුයි. නමුත් අධික ලෙස හිස කෙස් හැලීම සිදු වේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගැනීම සුදුසුයි.
හිස කෙස් පෝනි ටේලයක් ආකාරයෙන් ගැටගැසීම.

ඔබ ඔබේ හිස කෙස් ඉතා තදට ගැටගසනවා නම් හිස කෙස් හැලී යාමට එයම ප්‍රමාණවත්. එම නිසා හිස කෙස් හැකිතාක් ලිහිල්ව ගැට ගසා ගැනීම වැදගත්. හැකි සෑම වෙලාවකදීම හිස කෙස් මුදා හැර සිටීමට හුරු වනවානම් ඉතා හොඳයි.

දිනපතා හිස කෙස් iron කිරීම, curl කිරීම

ඔබ දිනපතා හිස කෙස් iron කිරීම, curl කිරීම ආදිය කරනවා නම් හිස්කෙස් අධික ලෙස හැලීමට එයත් හේතුවක් වනවා. ඒ ඔබ එහිදී භාවිත කරන උණුසුම් උපකරණ නිසා.
හිස කෙස් පිස දැමීමට කපු තුවා භාවිත කිරම.

කපු තුවා වල ඇති වියළි මතුපිට සහ ඒවායේ ඇති අමුද්‍රව්‍ය මෙයට හේතු වනවා.
මානසික ආතතිය.

එදිනෙදා ජීවිතයේ ඇතිවන විවිධ ගැටළු, අධික කාර්යබහුල බව නිසා ඇතිවන ආතතිය යන සියල්ලේම අතුරු ඵලයක් ලෙස ද හිස කෙස් හැලී යාම සිදුවනවා. එම නිසා මානසික සුවතාව පවත්වාගෙනාම ඉතා වැදගත්
ශාරීරික රෝගාබාධයකින් සුවය ලැබූ විගස.

රෝගයකින් පීඩා විඳ සුවය ලැබූ විගස අධික ලෙස හිස කෙස් හැලී යාම සිදු විය හැකියි. පෝෂ්‍යදායී ආහාර ආදිය ගැනීම මගින් එම තත්වය ඉක්මනින් මග හරවා ගැනීමට හැකියි.
හිස කෙස් නිතර නිතර වියළීම.

හිස කෙස් නිතර නිතර වර්ණ ගැන්වීම, විවිධ රසායනික ද්‍රව්‍ය ඒ මත ආලේප කිරීම ආදිය නිසා හිස කෙස් හැලී යාම සිදු වනවා. කෙස් කළඹ හැඩට තමා ගැනීම සෑම යුවතියකගේම සිහිනයක් නමුත් නිතර නිතර එවන් දෑ කිරීම නිසා හිස කෙස් වලට සිදුවන්නේ හානියක් බව කිව යුතුයි
හිස කෙස් ගැටගැසීම.

හිස කෙස් පීරන විට ප්‍රථමයෙන් අග කොටස පීරා ගැනීමට කටයුතු කිරීම මගින් මෙම ගැටළුවත් මග හරවා ගත හැකියි.

සුසිනිඳු සමකට Aloe Vera face packs

කෝමාරිකා face packs ස්වාභාවික හා නැවුම් සම සුන්දරව තබාගැනීමට සහ හානිවූ සම අලුත්වැඩියාකර ඔබේ සම තබා ගැනීමට උපකාරී වේ. කෝමාරිකා යනු පිළිස්සීම්වලට ප්‍රතිකාර කිරීමට, තුවාල සුව කිරීමට අනාදිමත් කළක සිට භාවිතා කරන ඖෂධීය ශාකයකි. ඒ වගේම කෝමාරිකා  සමේ අහිතකර බැක්ටීරියා නසා, පෝෂණයකර, අකළට වයසට යෑම වළකා,  කුරුළෑ නසා, කැළැල් මකා සම ආරක්ෂාකර දෙයි.

 
ලස්සන වැඩි කරගන්න පුළුවන් පුදුම ක්‍රම

1) නිරෝගී කොන්ඩේකට බියර් ?

 
ඔබටත් පහසුවෙන් Saloon නොයා ගෙදර ඉදන්ම දීප්තිමත්, පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්

කාන්තාවකගේ සුන්දරත්වයට නිරෝගි සමක් ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ කාන්තාවන් වැඩි අවධානයක් යොමු කරන්නේ මුහුණට පමණයි. නමුත් ඔබේ ශරිරයේ සෑම ස්ථානයකම සමේ පැහැය එක ලෙස පවත්වා ගෙන යාම සුන්දරත්වය ගැන හිතනවා නම් අනිවාර්ය වැදගත් අංගයක්. ඒ නිසා අපි ඔබට කියන මේ උපදෙස් පිළිපදින්න ඔබ උනන්දු උනොත් ඔබේ සමේ සෑම ස්ථානයක්ම පිරිසිදුව, පැහැපත්ව පවත්වා ගෙන යාමට ඔබට හැකි වේවි.

 
ඔබේ හිසකෙස් හැලීයාමට හේතු මේවා විය හැකියි!

ඔබ විටමින් ඌණතාවයෙන් පෙළෙනවා විය හැකියි.

 
දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ට්‍රික්ස්

01) මතක තියා ගන්න එක රැයකින් කොණ්ඩය වැවෙන්නේ නැහැ.

 
දෙහි පළුවක් මතට මී පැණි බිංදු 3 ක් දමා මුහුණේ ආලේපනය කලවිට සිදුවනදේ ඔබ මවිතයට පත්කරාවි

Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනු ලබයි. බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හී අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි. අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා ‘Blackheads’ ඇති වේ. අපිරිසිදු කම නිසා පමණක් මේවා ඇති නොවේ. ඔබ ‘Blackheads’ ඉවත් කරනවා කියා තලා පොඩි කිරීමද එතරම් සුදුසු නොවේ.

 
ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

 
ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

 
හැමදාම තරුණව ඉන්න හැටි දැනගන්න කැමතිද?

තරුණව ලස්සනට සිටින්නට කවුද අකමැති? තරුණ බව රැකගන්නට ඔබ කුමන වයසක හිටියත් හැමදාම තරුණව ඉන්න නම් මෙන්න මේ දේවල් කරලා බලන්න.

 
අවස්ථාවට ගැළපෙන නිවැරදිව මේක් අප් එකක් කරගමුද ?

මේක් අප් එකකින් අප බලාපොරොත්තු වන්නේ තිබෙන ලස්සන තව තවත් වැඩි කරගැනීමයි. ඉතින් කාර්යාලයට ,උත්සවයකට යන අවස්ථාවන්වලදී අවස්ථාවට ගැළපෙන ලෙස තමන්ට තනිවම පුංචි මේක් අප් එකක් දා ගන්නට පුළුවන් නම් එය කාලය වගේම මුදලුත් ඉතිරි කරන්නක් වෙනවා.

 
 
Publish By www.ElaKella.com 2000