ආකර්ෂණීය කෙස් කලඹක් ලබාගන්න මෙන්න හොඳම ක්‍රම

කෙස් කළඹ යනු කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක්. නමුත් කෙස් කලඹහෙි ආකර්ෂණීය පෙනුම පවත්වාගෙන යාම නම් තරමක ගැටළුවක්. කෙස්‌ කළඹ සෞඛ්‍ය සම්පන්නව සහඅලංකාරව පවත්වාගෙන යෑමට නම් එයට නියමිත ලෙස සාත්තු කිරීම අත්‍යාවශ්‍යයි. අනවශ්‍ය ලෙස හෝ වැරදි සාත්තුව මඟින් කෙස්‌ කලඹට හානි විය හැක.

ඕනෑම කෙනෙකුගේ කෙස් ගස් දිනකට හතළිහක් පනහක් පමණ හැලෙන අතර වයස් ගතවීමත් සමඟ කෙස් ගස් තුනි වීමත් කෙස් ගස් සුදු වීමත් තට්ටය පෑදීමත් සාමාන්‍ය දෙයක්. නමුත් මේවා වයස්ගත වීමට පෙර සිදුවේ නම් එය අස්වාභාවිකයි. එවිට සුදුසුම දේ වනුයේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ප්‍රතිකාර ලබා ගැනීමයි.  හිසකෙස් සම්බන්ධව කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් ලෙස හිසකෙස් අකලට හැලීම, අකලට කෙස් පැසීම, කෙස් අග පැලීම, කෙස් ගස් තුනි වීම ආදිය දැක්වීමට පුළුවන්. ඇතැම් රෝගාබාධ සහ දේශගුණික හේතු නිසා හිසකෙස් වර්ධනයේ අඩාල වීමක් සිදු වෙනවා නම් ඊට ප්‍රතිකාර කළ යුතුයි. ප්‍රමාණවත් නින්ද, නිසි පෝෂණයක, ප්‍රමාණවත් ජල පානය, ජල ස්නානය, හිසකෙස් පිරිසුදුව තබා ගන්නේ නම් හිසකෙස් ස්වාභාවිකවම නීරෝගීව වැඩෙනවා.
කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල ක්‍රම කීපයක් මෙන්න..

    නෙල්ලි දෙහි උළු හාල් සමඟ තම්බා හිස ගැල්වීමෙන් අකලට හිස කෙස් වැටීම, පැසීම වැලැක්වීම, හිස කෙස් වර්ණවත් කිරීම හා ප්‍රාණවත් කිරීමට හොඳ ඖෂධයක්.
    ලාවට රත් කරගත් පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැන්දකට දෙහි ඉස්ම තේ හැදි දෙකක් කලවම් කර හිස් කබලේ ගල්වා පැය දෙකකට පමණ පසු හිස සේදිමෙන් හිස්හොරි සුව කර ගැනීමට පුළුවනි.
    දෙහි යුෂ ගැල්වීම හෝ තේ කහටට දෙහි යුෂ කලවම් කර හිසකෙස් වල තවරා පැය භාගයක් පමණ තිබෙන්නට තබා සේදීමෙන් හිස කෙස්වලට වැඩි දීප්තියක් ලබා ගත හැක. මෙම සත්කාරය සුමානයකට දෙවරක් පමණ කිරීම ප්‍රමාණවත්.
    ගොටු කොළ ස්වල්පයක් දෙහි ඇඹුලෙන් අඹරා මී පැණි සමඟින් කවලම් කර හිස ගැල්වීමෙන් හිස කෙස් නීරෝගීව ඝනව පවත්වා ගැනීමට පුළුවන්.
    හිසකෙස්‌වල දීප්තිය වැඩිකිරීම සඳහා දියනෑමෙන් පසු වතුර කෝප්පයකට විනාකිරි තේ හැන්දක්‌ එක්කර දෙහි යුෂ මේස හැන්දක්‌ ද කලවම් කර එම ජලයෙන් කෙස්‌ කළඹ දෙවරක්‌ පමණ සෝදන්න.

මේ අයුරින් සැලකිල්ලෙන් කටයුතු කලහොත් කෙස්‌ කළඹ සෞඛ්‍ය සම්පන්නව සහඅලංකාරව පවත්වාගන්න ඔබට අසීරුවන්නේ නැහැ.
සුසිනිඳු සමකට Aloe Vera face packs

කෝමාරිකා face packs ස්වාභාවික හා නැවුම් සම සුන්දරව තබාගැනීමට සහ හානිවූ සම අලුත්වැඩියාකර ඔබේ සම තබා ගැනීමට උපකාරී වේ. කෝමාරිකා යනු පිළිස්සීම්වලට ප්‍රතිකාර කිරීමට, තුවාල සුව කිරීමට අනාදිමත් කළක සිට භාවිතා කරන ඖෂධීය ශාකයකි. ඒ වගේම කෝමාරිකා  සමේ අහිතකර බැක්ටීරියා නසා, පෝෂණයකර, අකළට වයසට යෑම වළකා,  කුරුළෑ නසා, කැළැල් මකා සම ආරක්ෂාකර දෙයි.

 
ලස්සන වැඩි කරගන්න පුළුවන් පුදුම ක්‍රම

1) නිරෝගී කොන්ඩේකට බියර් ?

 
ඔබටත් පහසුවෙන් Saloon නොයා ගෙදර ඉදන්ම දීප්තිමත්, පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්

කාන්තාවකගේ සුන්දරත්වයට නිරෝගි සමක් ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ කාන්තාවන් වැඩි අවධානයක් යොමු කරන්නේ මුහුණට පමණයි. නමුත් ඔබේ ශරිරයේ සෑම ස්ථානයකම සමේ පැහැය එක ලෙස පවත්වා ගෙන යාම සුන්දරත්වය ගැන හිතනවා නම් අනිවාර්ය වැදගත් අංගයක්. ඒ නිසා අපි ඔබට කියන මේ උපදෙස් පිළිපදින්න ඔබ උනන්දු උනොත් ඔබේ සමේ සෑම ස්ථානයක්ම පිරිසිදුව, පැහැපත්ව පවත්වා ගෙන යාමට ඔබට හැකි වේවි.

 
ඔබේ හිසකෙස් හැලීයාමට හේතු මේවා විය හැකියි!

ඔබ විටමින් ඌණතාවයෙන් පෙළෙනවා විය හැකියි.

 
දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ට්‍රික්ස්

01) මතක තියා ගන්න එක රැයකින් කොණ්ඩය වැවෙන්නේ නැහැ.

 
දෙහි පළුවක් මතට මී පැණි බිංදු 3 ක් දමා මුහුණේ ආලේපනය කලවිට සිදුවනදේ ඔබ මවිතයට පත්කරාවි

Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනු ලබයි. බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හී අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි. අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා ‘Blackheads’ ඇති වේ. අපිරිසිදු කම නිසා පමණක් මේවා ඇති නොවේ. ඔබ ‘Blackheads’ ඉවත් කරනවා කියා තලා පොඩි කිරීමද එතරම් සුදුසු නොවේ.

 
ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

 
ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

 
හැමදාම තරුණව ඉන්න හැටි දැනගන්න කැමතිද?

තරුණව ලස්සනට සිටින්නට කවුද අකමැති? තරුණ බව රැකගන්නට ඔබ කුමන වයසක හිටියත් හැමදාම තරුණව ඉන්න නම් මෙන්න මේ දේවල් කරලා බලන්න.

 
අවස්ථාවට ගැළපෙන නිවැරදිව මේක් අප් එකක් කරගමුද ?

මේක් අප් එකකින් අප බලාපොරොත්තු වන්නේ තිබෙන ලස්සන තව තවත් වැඩි කරගැනීමයි. ඉතින් කාර්යාලයට ,උත්සවයකට යන අවස්ථාවන්වලදී අවස්ථාවට ගැළපෙන ලෙස තමන්ට තනිවම පුංචි මේක් අප් එකක් දා ගන්නට පුළුවන් නම් එය කාලය වගේම මුදලුත් ඉතිරි කරන්නක් වෙනවා.

 
 
Publish By www.ElaKella.com 2000