රසායන සත්කාර කළ හිසකෙස්‌ රැක බලාගන්නේ මෙහෙමයි

වර්තමානයේ විවිධ හිසකෙස්‌ විලාසිතා අනුගමනය කරන්නට බොහෝ දෙනෙක්‌ පෙළඹිලා ඉන්නවා. එහි වරදක්‌ නැති නමුත්, ප්‍රධාන ගැටලුව වන්නේ මෙසේ විලාසිතාවට සකස්‌ කළ හිසකෙස්‌ හොඳින් රැකබලා නොගැනීමයි. ඒ කොහොමද කියල ඔබට කියල දෙන්නයි මේ ලිපිය සකස් වෙන්නේ.

හිසකෙස්‌ වර්ණ ගැන්වීම, ස්ට්‍රේට් කිරීම, ෆර්ම් කිරීම ආදී වූ විවිධ රසායන ක්‍රියාකාරිත්වයන්ට ලක්‌ වූ හිසකෙස්‌වලට වඩාත් උනන්දුවෙන් සත්කාර කිරීම අවශ්‍යයි. එයට හේතුව මෙම හිසකෙස්‌ අපි හඳුන්වන්නේ ඩැමේඡ් හෙයාර් එහෙම නැත්නම් පළුදු වූ හිසකෙස්‌ ලෙස වීමයි.
ඔබගේ හිසකෙස්‌වලට ලබා දුන් රසායනික සත්කාරය අනුව, හිසකෙස්‌ සඳහා ශැම්පූ වර්ගයක්‌ තෝරාගැනීම ඉතාම වැදගත්.

ඔබට තිබෙන්නේ ෆර්ම් කළ හිසකෙස්‌ නම් ඔබ ඒ සඳහා වන ශැම්පු හා කන්ඩිෂනර් තෝරාගෙන පාවිච්චි කළ යුතුයි. යම් ලෙසකින් ඔබ  ස්ට්‍රේට් කළ කොණ්ඩයක්  සඳහා වන ශැම්පූ හා කන්ඩිෂනර් භාවිත කළොත් හිසකෙස්‌වල රැළි ගතිය ඉවත් වී යාමට පුළුවන්. ඒ නිසා රැළි ගතිය රැඳෙන ආලේප වර්ග ඔබ තෝරාගත යුතුයි.

සතියකට දිනක්‌ තෙල් සාත්තුවක්‌ සහ කන්ඩිෂනර් සත්කාරයක්‌ කිරීමත් ඉතාම වැදගත්. ඒ වගේම හෙයාර් ටොනික්‌ වර්ගයක්‌ ද පාවිච්චි කළ හැකි නම් තවත් හොඳයි. හෙයාර් ටොනික්‌ භාවිත කරන්නේ හිසකෙස්‌ පළුදු නොවී, ආරක්‌ෂාව ලබා දීම සඳහායි. ඒ නිසා එය හිසකෙස්‌ ගසේ මුලට ආලේප කළ යුතුයි. සියුම්ව සම්භාහනය කරමින් හෙයාර් ටොනික්‌ ආලේප කළ යුතුයි.

තෙල් සාත්තුව හා කන්ඩිෂනර් සත්කාරය නිවසේදීත් ඔබට කරගැනීමට පුළුවන්. නමුත් රූපලාවන්‍යාගාරයක දී එය සිදු කරගැනීමට හැකි නම් වඩාත් සාර්ථක වේවි. එසේත් නැතිනම් නිවසේ සිටින කෙනෙකුගේ සහය මේ සඳහා ලබා ගැනීමට පුළුවනි.

තෙල් සාත්තුව සඳහා නිවසේ දී සූදානම් කරගත් තෙල් වර්ගයක්‌ භාවිත කළ හැකි නම් වඩාත් හොඳයි. ඕනෑම තෙල් වර්ගයක්‌ යන්තම් රත්කරගෙන හිසකෙස්‌ මුල තවරා ඇඟිලි තුඩුවලින් මසාජ් කරන්න.

කන්ඩිෂනර් සත්කාරය කිරීමේදී ශැම්පූ කරගත් හිසකෙස්‌වල කන්ඩිෂනර් තවරා විනාඩි 10 ක්‌ තබා උණුසුම් ජලයෙන් පොඟවාගත් තුවායකින් හිස ඔතා ටික වේලාවක්‌ තබාගන්න. කන්ඩිෂනර් සත්කාරයට භාවිත කළ යුත්තේ ඩීප් කන්ඩිෂනර් නම් කන්ඩිෂනර් වර්ගයයි. මෙය රූපලාවන්‍යාගාරයකදී කරගත හැකි නම් වඩාත් සාර්ථකයි.

මේ ආකාරයට හිසකෙස්‌ හොඳින් රැක බලා ගන්නවා නම් කැමැති ඕනෑම විලාසිතාවකට හිසකෙස්‌ සැකසීමේ කිසිදු වරදක්‌ නෑ.

සුසිනිඳු සමකට Aloe Vera face packs

කෝමාරිකා face packs ස්වාභාවික හා නැවුම් සම සුන්දරව තබාගැනීමට සහ හානිවූ සම අලුත්වැඩියාකර ඔබේ සම තබා ගැනීමට උපකාරී වේ. කෝමාරිකා යනු පිළිස්සීම්වලට ප්‍රතිකාර කිරීමට, තුවාල සුව කිරීමට අනාදිමත් කළක සිට භාවිතා කරන ඖෂධීය ශාකයකි. ඒ වගේම කෝමාරිකා  සමේ අහිතකර බැක්ටීරියා නසා, පෝෂණයකර, අකළට වයසට යෑම වළකා,  කුරුළෑ නසා, කැළැල් මකා සම ආරක්ෂාකර දෙයි.

 
ලස්සන වැඩි කරගන්න පුළුවන් පුදුම ක්‍රම

1) නිරෝගී කොන්ඩේකට බියර් ?

 
ඔබටත් පහසුවෙන් Saloon නොයා ගෙදර ඉදන්ම දීප්තිමත්, පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්

කාන්තාවකගේ සුන්දරත්වයට නිරෝගි සමක් ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ කාන්තාවන් වැඩි අවධානයක් යොමු කරන්නේ මුහුණට පමණයි. නමුත් ඔබේ ශරිරයේ සෑම ස්ථානයකම සමේ පැහැය එක ලෙස පවත්වා ගෙන යාම සුන්දරත්වය ගැන හිතනවා නම් අනිවාර්ය වැදගත් අංගයක්. ඒ නිසා අපි ඔබට කියන මේ උපදෙස් පිළිපදින්න ඔබ උනන්දු උනොත් ඔබේ සමේ සෑම ස්ථානයක්ම පිරිසිදුව, පැහැපත්ව පවත්වා ගෙන යාමට ඔබට හැකි වේවි.

 
ඔබේ හිසකෙස් හැලීයාමට හේතු මේවා විය හැකියි!

ඔබ විටමින් ඌණතාවයෙන් පෙළෙනවා විය හැකියි.

 
දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ට්‍රික්ස්

01) මතක තියා ගන්න එක රැයකින් කොණ්ඩය වැවෙන්නේ නැහැ.

 
දෙහි පළුවක් මතට මී පැණි බිංදු 3 ක් දමා මුහුණේ ආලේපනය කලවිට සිදුවනදේ ඔබ මවිතයට පත්කරාවි

Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනු ලබයි. බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හී අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි. අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා ‘Blackheads’ ඇති වේ. අපිරිසිදු කම නිසා පමණක් මේවා ඇති නොවේ. ඔබ ‘Blackheads’ ඉවත් කරනවා කියා තලා පොඩි කිරීමද එතරම් සුදුසු නොවේ.

 
ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

 
ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

 
හැමදාම තරුණව ඉන්න හැටි දැනගන්න කැමතිද?

තරුණව ලස්සනට සිටින්නට කවුද අකමැති? තරුණ බව රැකගන්නට ඔබ කුමන වයසක හිටියත් හැමදාම තරුණව ඉන්න නම් මෙන්න මේ දේවල් කරලා බලන්න.

 
අවස්ථාවට ගැළපෙන නිවැරදිව මේක් අප් එකක් කරගමුද ?

මේක් අප් එකකින් අප බලාපොරොත්තු වන්නේ තිබෙන ලස්සන තව තවත් වැඩි කරගැනීමයි. ඉතින් කාර්යාලයට ,උත්සවයකට යන අවස්ථාවන්වලදී අවස්ථාවට ගැළපෙන ලෙස තමන්ට තනිවම පුංචි මේක් අප් එකක් දා ගන්නට පුළුවන් නම් එය කාලය වගේම මුදලුත් ඉතිරි කරන්නක් වෙනවා.

 
 
Publish By www.ElaKella.com 2000