දෙපා පිරිසිදුව තබාගන්න

අපි හොඳින් ම දන්න දෙයක් තමයි අද සමාජයේ බොහෝ තරුණ තරුණියන්ගේ තමන්ගේ මුහුණ පියකරුව තබා ගැනීම සඳහා ඕනෑ තරම් කැප කිරීම් කරන බව. සමහරුන් මේ වෙනුවෙන් දහස් ගණන් මුදල් වෙන්කිරීමට පසුබට වෙන්නේත් නෑ. අපි අපේ ශරීරයේ මුහුණට විතරක් මේ විදියට අවධානය යොමු කිරීම ප‍්‍රමාණවත් නෑ කියලා මේ ලිපි පෙ‍ළින් පස්සේ ඔබත් වටහා ගනීවි. ඕනෑම කෙනෙක් තමන්ගේ ශරීරයේ සෑම අවයවයක් ම පිරිසුදුව, පිළිවෙළට තබාගෙන ඉන්නව නම් තමයි ඔහුගේ ඇය ලස්සන වෙන්නේ. අද සිට අපේ අවධානය යොමුවෙන්නේ මුහුණ අලංකාර කරගත්තා සේම ඔබේ දෙපා අලංකාරව තබාගන්නේ කෙසේද යන්න ගැනයි. දෙපය කියල කියන්නේ අපේ ශරීරයේ බර දරා සිටින ඉතාම වැදගත් ශරීරාංගයක්. දෙපය අලංකාරව තබා ගැනීම වගේම සෞඛ්‍ය සම්පන්නව ශක්තිමත්ව තබා ගැනීමත් අතිශයින් ම වැදගත්. එහෙත් බොහෝ දෙනා තමන්ගේ මුහුණට දක්වන ආදරය. රැුකබලා ගැනීම දෙපයට දක්වන්නේ නෑ. නමුත් අපිව දරා සිටින අපිට ඇවිදීමට උපකාරී වන දෙපයේ වටිනාකම කොතෙක්ද කියා ඔබ නිකමට හෝ හිතා බැලූවාද? එසේ නොසිතුවා නම් දැන් ඒ ගැන සිතන්නට කාලය ඇවිත්. අපි අපේ අතීත සමාජයේ යම් යම් සාම්ප‍්‍රදායික කියමන් ගැන අවධානය යොමු කළොත් ඔබ අහලා ඇති සමහරු කියනවා මනමාලියෙක් බලන්න ගියත් ඉස්සරලම හොඳින් බලන්න ඕන කකුල් දෙක දිහා කියලා. කකුල් දෙක පිරිසුදුයි නම් අපිළිවෙළයි නම් අනිත් දේවල් ගැන අහන්න දෙයක්. බලන්න දෙයක් නෑ කියලයි ඔවුන් හිතුවේ. ඇත්තටම මේ කියමන කොයි තරම් සත්‍යය ද? නමුත් අද මේ තත්ත්වය අපේ තරුණ තරුණියන් අතින් බොහෝ දුරට පැහැර හැරෙනවා. ඒ නිසා අපි අපේ අවධානය මෙවර යොමු කරනුයේ දෙකකුල් පිරිසුදුව. පිළිවෙළට නඩත්තු කරන්නේ කොහොමද යන්න ගැනයි. මුලින් ම අපි හඳුනාගත යුතුවන්නේ දෙකකුල් අපිරිසිදුවන, අපිළිවෙළ වන හේතු මොනවාද යන්න පිළිබඳය. පළමු වැනි කාරණාව විදියට අපි හඳුනාගත යුතු වන්නේ අපි දෙකකුල් වලින් සිට ගන්නේ ඉඳ ගන්නේ ඇවිදින්නේ දුවන්නේ නිවැරැුදි ඉරියව්වෙන් ද යන්න පිළිබඳව ය. නිවැරදි ඉරියව්වෙන් සිට ගත්තේ නැතිනම් දෙකකුල් ආබාධයට, වෙහෙසට පත්වෙනවා. විශේෂයෙන් රැුකියාවකට යන කෙනෙකුට මේ තත්ත්වය දැඩි ලෙස බලපානවා. රැකියාවේ ස්වභාවය ද මේ සඳහා හේතු වන අවස්ථා තිබෙනවා. අපි හිතමු ඔබ ආරක්ෂක අංශයේ සේවය කරන කෙනෙකු කියා. ඇත්තටම ඔබගේ රැකියාවේ ස්වභාවය හේතුවෙන් දවසේ වැඩිපුර කාලයක් සිටගෙන සිටීමට සිදුවනවා. මෙවැනි හේතු නිසා කකුලේ නහර ගැට ගැසීම, හන්දි ඉදිමීම වැනි රෝගී තත්ත්වයන්ට ඔබේ දෙකකුල් ලක්විය හැකියි. මෙවැනි අය විශේෂයෙන් ම පැය 1‍/2 ට වරක් වත් ඉරියව්ව වෙනස් කර දෙපයට විවේකයක් ලැබෙන අයුරින් කටයුතු කළ යුතුයි. අනෙක් කාරණාව තමයි දෙකකුලේ පිරිසුදු භාවය වෙනුවෙන් චැාමජමරු, පැබසජමරු වැනි සත්කාර මාසයකට සැරයක්වත් කළ යුතු යි. බොහෝ දෙනෙක් මේ සඳහා උනන්දුවක් නොදක්වන්නේ ඒ සඳහා විශාල මුදලක් දැරීමට සිදුවනවා යන මතයත් නිසා ය. එහෙත් මෙවැනි සත්කාර කරගැනීම සඳහා රූපලාවණ්‍යාගාරයකටම යා යුතු නොවෙයි. එය ඒ පිළිවෙළට ම ඉතාම අඩු මුදලකින් ඔබට නිවෙසේ දීම කර ගත හැකියි‍. ඔබ රූපලාවණ්‍යාගාරයකට ගියහොත් මේ සඳහා සැකැවින් ම රුපියල් 2000, 2500 ක වැනි මුදලක් වියදම් කළ යුතුයි. නමුත් ඒ සඳහා අවශ්‍ය වන කුඩා උපකරණ ටික රු. 500/= ක් වැනි මුදලකට දැන් ඔබට මිලදී ගත හැකි ය. ඒක ඔබට බොහෝ කාලයකටම ස‍ෑහේ. ඒ නිසා දෙපයට එවැනි සත්කාරයක් කිරීම ඇත්තටම අත්‍යාවශ්‍ය කරුණක්.

සුසිනිඳු සමකට Aloe Vera face packs

කෝමාරිකා face packs ස්වාභාවික හා නැවුම් සම සුන්දරව තබාගැනීමට සහ හානිවූ සම අලුත්වැඩියාකර ඔබේ සම තබා ගැනීමට උපකාරී වේ. කෝමාරිකා යනු පිළිස්සීම්වලට ප්‍රතිකාර කිරීමට, තුවාල සුව කිරීමට අනාදිමත් කළක සිට භාවිතා කරන ඖෂධීය ශාකයකි. ඒ වගේම කෝමාරිකා  සමේ අහිතකර බැක්ටීරියා නසා, පෝෂණයකර, අකළට වයසට යෑම වළකා,  කුරුළෑ නසා, කැළැල් මකා සම ආරක්ෂාකර දෙයි.

 
ලස්සන වැඩි කරගන්න පුළුවන් පුදුම ක්‍රම

1) නිරෝගී කොන්ඩේකට බියර් ?

 
ඔබටත් පහසුවෙන් Saloon නොයා ගෙදර ඉදන්ම දීප්තිමත්, පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්

කාන්තාවකගේ සුන්දරත්වයට නිරෝගි සමක් ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ කාන්තාවන් වැඩි අවධානයක් යොමු කරන්නේ මුහුණට පමණයි. නමුත් ඔබේ ශරිරයේ සෑම ස්ථානයකම සමේ පැහැය එක ලෙස පවත්වා ගෙන යාම සුන්දරත්වය ගැන හිතනවා නම් අනිවාර්ය වැදගත් අංගයක්. ඒ නිසා අපි ඔබට කියන මේ උපදෙස් පිළිපදින්න ඔබ උනන්දු උනොත් ඔබේ සමේ සෑම ස්ථානයක්ම පිරිසිදුව, පැහැපත්ව පවත්වා ගෙන යාමට ඔබට හැකි වේවි.

 
ඔබේ හිසකෙස් හැලීයාමට හේතු මේවා විය හැකියි!

ඔබ විටමින් ඌණතාවයෙන් පෙළෙනවා විය හැකියි.

 
දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ට්‍රික්ස්

01) මතක තියා ගන්න එක රැයකින් කොණ්ඩය වැවෙන්නේ නැහැ.

 
දෙහි පළුවක් මතට මී පැණි බිංදු 3 ක් දමා මුහුණේ ආලේපනය කලවිට සිදුවනදේ ඔබ මවිතයට පත්කරාවි

Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනු ලබයි. බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හී අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි. අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා ‘Blackheads’ ඇති වේ. අපිරිසිදු කම නිසා පමණක් මේවා ඇති නොවේ. ඔබ ‘Blackheads’ ඉවත් කරනවා කියා තලා පොඩි කිරීමද එතරම් සුදුසු නොවේ.

 
ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

 
ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

 
හැමදාම තරුණව ඉන්න හැටි දැනගන්න කැමතිද?

තරුණව ලස්සනට සිටින්නට කවුද අකමැති? තරුණ බව රැකගන්නට ඔබ කුමන වයසක හිටියත් හැමදාම තරුණව ඉන්න නම් මෙන්න මේ දේවල් කරලා බලන්න.

 
අවස්ථාවට ගැළපෙන නිවැරදිව මේක් අප් එකක් කරගමුද ?

මේක් අප් එකකින් අප බලාපොරොත්තු වන්නේ තිබෙන ලස්සන තව තවත් වැඩි කරගැනීමයි. ඉතින් කාර්යාලයට ,උත්සවයකට යන අවස්ථාවන්වලදී අවස්ථාවට ගැළපෙන ලෙස තමන්ට තනිවම පුංචි මේක් අප් එකක් දා ගන්නට පුළුවන් නම් එය කාලය වගේම මුදලුත් ඉතිරි කරන්නක් වෙනවා.

 
 
Publish By www.ElaKella.com 2000