ඔබේ කකුල් දෙකත් අවලස්සන වෙලාද?

යටි පතුල් පැලීම කියන්නේ හරිම කරදරකාරී අත්දැකීමක්. බොහෝ විට මෙලෙස යටි පතුල් හා විලුඹ ප්‍රදේශය පැලෙන්නේ වියලි සමක් ඇති පුද්ගලයන්ගෙයි. මෙය සුළුකොට තකා නොසලකා හැරියහොත් මෙම තත්ත්වය වැඩි වී යටි පතුල්වලින් ලේ ගැලීම හා ඇවිදීමට නොහැකි වන තරමට වේදනාව ඇති විය හැක.

    අද කියන්න යන්නේ යටි පතුල් පැලීම නිට්ටාවටම සුව කරගන්න ගෙදරදීම කරන්න පුළුවන් සත්කාරයන් කිහිපයක් ගැනයි. ඔබත් මේ නිසා පීඩා විඳිනවා නම් මේ ලිපිය අනිවාර්යයෙන්ම වැදගත් වේවි.

fb- like-beg
යටි පතුල් පැලීමට හේතු වන කරුණු

    දෙපා අපිරිසිදුව තබා ගැනීම.
     දෙපා වලට නොගැලපෙන පාවහන් භාවිතය
    විටමින්, ඛනිජ ලවන හා සින්ක් ඌනතාවය
    දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග සහ පොතු කබර ආදී රෝග තත්ත්වයන්
    දිගු වෙලාවක් එකම ඉරියව්වක සිට වැඩ කිරීම
    තරබාරු බව වැඩි වීම හේතුවෙන් කකුල් මත ඇති තෙල් ග්‍රන්ථි තෙරපීම

යටි පතුල් පැලීම වලක්වා ගැනීමට නම්

    දිනකට දෙවතාවක් පමණ මොයිස්චරයිසින් ක්‍රීම් ආලේප කිරීම
    දෙපා පිරිසිදුව තබා ගැනීම
    යටි පතුල්වල ගනකම් සම ඉවත් කිරීමට පියුමික් ස්ටෝන් භාවිත කිරීම.
    සුදුසු ෆුට් ක්‍රැක් ක්‍රීම් එකක් භාවිත කිරීම
    පිහි තල හෝ රේසර් භාවිතයෙන් සම ඉවත් නොකිරීම

මේ සඳහා නිවසේදීම කර ගත හැකි පහසු ප්‍රතිකාර
01) දෙහි ලෙල්ල

විලුඹ වසා ගැනීමට තරම් හැකි විශාල දෙහි ගෙඩියක් ගෙන එය හරි මැදින් කපා යුෂ මිරිකා ලෙල්ල පමණක් ගන්න. ඉන් පසු දෙහි ලෙල්ල විලුඹ වැසෙන සේ විලුඹ මත තබා මේස් එකක් දාගන්න. මෙයින් ලෙමන් ලෙල්ල විලුඹෙන් ඉවත් වීම වලකී. පැයක් වත් මෙසේ දෙහි ලෙල්ල තබා ගෙන සිටිය යුතුය. රාත්‍රිය පුරාම තබාගෙන සිටිය හැකි නම් වඩා හොඳ ප්‍රතිපල ලබා ගත හැක. මෙයින් දෙහි ලෙල්ලේ ඇති සංඝටක සමට හොඳින් උරා ගනී. එක රාත්‍රියක් මෙය කිරීමෙන් පසුම ඔබට පැහැදිලි වෙනසක් දැකගත හැකි වේ. මෙයින් විලුඹේ පැලීම් නැති වී සම සිනිඳු වේ. සම වැඩි වශයෙන් පැලී ඇත්නම් දින කිහිපයක්ම මෙය සිදු කරන්න. එයින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වේ.
02) දෙහි යුෂ

දෙහි ලෙල්ල මෙන්ම දෙහි යුෂ ද මේ සඳහා භාවිතා කල හැක. කකුල් දෙක ඔබාගෙන සිටිය හැකි ප්‍රමාණයේ භාජනයක් ගෙන එයට එයට දෙහි යුෂ දමා එහි කකුල් දෙක ගිල්වා විනාඩි 20ක් පමණ සිටින්න. ඉන් පසු පියුමික් ස්ටෝන් එකක් අධාරයෙන් යටි පතුල් හොඳින් ස්ක්‍රබ් කර පසුව වියලා ගන්න. මෙයින් යටි පතුවල ඇති අනවශ්‍ය සම ඉවත් වී සම සිනිඳු වේ.
03) රෝස වතුර සහ ග්ලිසරින්

රෝස වතුර සහ ග්ලිසරින් කියන්නේ යටි පතුල් පැලීමට ඉතාම හොඳ ප්‍රතිකාරයක්. රෝස වතුරවල ඇති විටමින් A, B3,C,D,E, ප්‍රතිඔක්සිකාරක සහ විෂබීජ නාශක මගින් සම සුවපත් වෙනවා. රෝස වතුර සහ ග්ලිසරින් සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර රාත්‍රී නින්දට යාමට පෙර යටි පතුල්වල ආලේප කරන්න. මෙය දිනපතාම සිදු කිරීමෙන් ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැක.
04) කහ

කහ කියන්නෙත් යටි පතුල් පැලීමට හොඳම ඖෂධයක්. කහ සහ පොල්තෙල් ස්වල්පයක් ගෙන හොඳින් මිශ්‍ර කර පේස්ට් එකක් සදා ගන්න. ඉන් පසු එය පැලුණු ස්ථානවල ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.
05) කෙසෙල්

හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි දෙකක් පමණ ගෙන පොඩි කර ගන්න. පසුව හොඳින් පොඩි පිරිසිදු කර ගත් යටි පතුල්වල මෙය ආලේප කර විනාඩි 15ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු මද උණුසුම් ජලයෙන් සෝදා හැර නැවත විනාඩි 10ක් පමණ ඔබේ දෙපා සීතල වතුරේ දමාගෙන සිටින්න. මෙයින් ඔබට දෙපාවල පැලීම සුව කරගෙන සුසිනිඳු දෙපයක් ලබා ගත හැක.
06) කිරි

කිරි කියන්නෙත් සමට හොඳ පෝෂණයක් ලබා දෙන දෙයක්. කකුල් දෙක ඔබාගෙන සිටිය හැකි ප්‍රමාණයේ භාජනයක් ගන්න. එයට මද උණුසුම් ජලය සහ කිරි කෝප්පයක් එකතු කර මිශ්‍ර කර ගන්න. ඉන් පසුව කකුල් දෙක එයට දමා විනාඩි 10ක් පමන සිටින්න. පසුව කකුල් හොඳින් වියලාගෙන පොල්තෙල් සහ සීනි හොඳින් මිශ්‍ර කර පේස්ට් එකක් සාදා එය යටි පතුල්වල ආලේප කර කවාකාරව අතුල්ලන්න. විනාඩි 10-15 පමණ මෙසේ සිදු කර මද උණුසුම් ජලයෙන් කකුල් සෝදා ගන්න. කිරි වල ඇති ලැක්ටික් අම්ලය මගින් සමේ ඇති මැරුණු සෛල ඉවත් කර නව සෛල නිපදවන අතර එයින් ඔබේ දෙපා සුවපත් වෙයි.

මෙම සත්කාර මගින් ඔබට කකුල් පැලීම ඉක්මනින්ම සුවකරගෙන සිනිඳු දෙපයක් ලබා ගත හැකි වේවි.

සුසිනිඳු සමකට Aloe Vera face packs

කෝමාරිකා face packs ස්වාභාවික හා නැවුම් සම සුන්දරව තබාගැනීමට සහ හානිවූ සම අලුත්වැඩියාකර ඔබේ සම තබා ගැනීමට උපකාරී වේ. කෝමාරිකා යනු පිළිස්සීම්වලට ප්‍රතිකාර කිරීමට, තුවාල සුව කිරීමට අනාදිමත් කළක සිට භාවිතා කරන ඖෂධීය ශාකයකි. ඒ වගේම කෝමාරිකා  සමේ අහිතකර බැක්ටීරියා නසා, පෝෂණයකර, අකළට වයසට යෑම වළකා,  කුරුළෑ නසා, කැළැල් මකා සම ආරක්ෂාකර දෙයි.

 
ලස්සන වැඩි කරගන්න පුළුවන් පුදුම ක්‍රම

1) නිරෝගී කොන්ඩේකට බියර් ?

 
ඔබටත් පහසුවෙන් Saloon නොයා ගෙදර ඉදන්ම දීප්තිමත්, පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්

කාන්තාවකගේ සුන්දරත්වයට නිරෝගි සමක් ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ කාන්තාවන් වැඩි අවධානයක් යොමු කරන්නේ මුහුණට පමණයි. නමුත් ඔබේ ශරිරයේ සෑම ස්ථානයකම සමේ පැහැය එක ලෙස පවත්වා ගෙන යාම සුන්දරත්වය ගැන හිතනවා නම් අනිවාර්ය වැදගත් අංගයක්. ඒ නිසා අපි ඔබට කියන මේ උපදෙස් පිළිපදින්න ඔබ උනන්දු උනොත් ඔබේ සමේ සෑම ස්ථානයක්ම පිරිසිදුව, පැහැපත්ව පවත්වා ගෙන යාමට ඔබට හැකි වේවි.

 
ඔබේ හිසකෙස් හැලීයාමට හේතු මේවා විය හැකියි!

ඔබ විටමින් ඌණතාවයෙන් පෙළෙනවා විය හැකියි.

 
දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ට්‍රික්ස්

01) මතක තියා ගන්න එක රැයකින් කොණ්ඩය වැවෙන්නේ නැහැ.

 
දෙහි පළුවක් මතට මී පැණි බිංදු 3 ක් දමා මුහුණේ ආලේපනය කලවිට සිදුවනදේ ඔබ මවිතයට පත්කරාවි

Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනු ලබයි. බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හී අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි. අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා ‘Blackheads’ ඇති වේ. අපිරිසිදු කම නිසා පමණක් මේවා ඇති නොවේ. ඔබ ‘Blackheads’ ඉවත් කරනවා කියා තලා පොඩි කිරීමද එතරම් සුදුසු නොවේ.

 
ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

 
ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

 
හැමදාම තරුණව ඉන්න හැටි දැනගන්න කැමතිද?

තරුණව ලස්සනට සිටින්නට කවුද අකමැති? තරුණ බව රැකගන්නට ඔබ කුමන වයසක හිටියත් හැමදාම තරුණව ඉන්න නම් මෙන්න මේ දේවල් කරලා බලන්න.

 
අවස්ථාවට ගැළපෙන නිවැරදිව මේක් අප් එකක් කරගමුද ?

මේක් අප් එකකින් අප බලාපොරොත්තු වන්නේ තිබෙන ලස්සන තව තවත් වැඩි කරගැනීමයි. ඉතින් කාර්යාලයට ,උත්සවයකට යන අවස්ථාවන්වලදී අවස්ථාවට ගැළපෙන ලෙස තමන්ට තනිවම පුංචි මේක් අප් එකක් දා ගන්නට පුළුවන් නම් එය කාලය වගේම මුදලුත් ඉතිරි කරන්නක් වෙනවා.

 
 
Publish By www.ElaKella.com 2000