සුදු මුහුණේ මාරයා සැඟවිනිද?

 බොහෝ දෙනෙක් අපට දිනපතා යොමු කරන ප්‍රශ්නයක් තිබෙනවා. එනම් විවිධ ක්‍රීම් වර්ග, ඉන්ජෙක්ෂන් වර්ග සහ පෙති වර්ග වල නම් එක්ක අහනවා මෙය බොන්නද කියල. ඇත්තටම සුදු වීම කියනෙන් බොහෝ කාන්තාවන්ගේ ජාතික ප්‍රශ්නයක් වෙලා. මේ මොන හේතුවකටද කියල අදත් අපි සාකච්චාවට බඳුන් කළා. මේ අහන නිෂ්පාදන බොහොමයක් ශරීරයට අහිතකර විෂ වර්ග අඩංගුයි. අහිංසක හිත් රිදවන්න අපිටත් දුකයි.

කැමරාවෙන් පේන නිලියෝ ඇත්තටම සුදුද? ලස්සනද?

මොන ආකාරයෙන් හෝ සුදු වෙනවා කියන දැඩි ආකල්පය ගැහැණු ළමයි අතරට රෝපණය කලේ මාධ්‍ය විසින්. ඔවුන් මැගසින් වල සහ රූපවාහිනී තිරයේ පෙන්වන කාන්තාවෝ නිලියෝ බහුතරයක් පෙනෙන්නේ ඉතාම පැහැපත් සුන්දර මුහුණු කට ඇති සර්ව සම්පූර්ණ ගැහැනුන් ලෙසයි.

නමුත් මේ ලියුම ලියනා ලේඛිකාව පුද්ගලිකවම රූපවාහිනී නාලිකාවක සේවය කළ කෙනෙක්. ඇය මේ ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රසිද්ධ නිලියෝ රාශියක් හැබැහින් දැක තිබෙනවා. ඔවුන් හැමෝම චිත්‍රාගාරයේ ලයිට් වල අධික ආලෝකයෙන් සහ වේශ නිරූපන ශිල්පියා පැය ගණනක් දමන මේකප් එකෙන් සහ කැමරාවේ විවිධ කොන මගින් නිරූපිත ව්‍යාජ ප්‍රතිරූපයක් ඇති ගැහැණු. ඇත්තටම සාමාන්‍ය ජීවිතේ ඉන්න අපිට වඩා අතම ජනප්‍රිය නිලියෝන්ගේ සම නිරෝගී නැහැ. නොයෙක් දේවල් අධිකව ගාන නිසා. ඒ වගේමයි පත්තර සහ මැගසින් ගැන කීවොත් ෆොටෝෂොප් කියන මෘදුකාංගය මගින් කෙනෙක්ගේ පෙනුම නැවත කෘතිමව ප්‍රති නිර්මාණය කරනවා. නොයෙක් අංග වෙනස් කොට.

මෙය නොදන්නා අපි ඇත්තටම මේ නිලියෝ ව්‍යාජව පෙන්වන වර්ණයකට සහ ලස්සනකට රැවටිලා අපේ සෞක්යට අහිතකර දේවල් පරිහරණය කරනවා. අපේ යටි හිතේ ඇති අරමුණ ඔවුන් මවන ව්‍යාජ ලස්සන සමග තරඟ කිරීමයි.
මෙලනින් නසන ඉන්ජෙක්ෂන් සහ පෙති වර්ග

අපේ රට කියන්නේ නීතියක් ක්‍රියාත්මක වීම හරිම අඩු රටක්. සමාජ මාධ්‍ය වල පවා ඇතැම් අය විසින් සමේ ස්වභාවිකව ඇති මෙලනින් වර්ණකය මරා දැමීමට එන්නත් සහ පෙති වර්ග අලෙවි කරනවා. මතක තබා ගන්න මේවා අධික මිල ගණන් වලින් යුතුයි. ඒ වගේම අමතක කරන්න එපා වකුගඩු රෝග, ස්නායු පද්ධතියේ රෝග සහ අක්මාවේ රෝග තත්වයන් වලට අත වනා ගැනීමක් තමයි මේ නීති විරෝධී නිෂ්පාදන භාවිතය කියන්නේ.
අස්වාභාවික සුදුමැලි බව කියන්නේ ලස්සන නෙවෙයි

වරදවා වටහා ගන්න එපා. සුන්දර සමක් කියන්නේ මොන වර්ණය වුනත් සජීවී නිරෝගී සමක්. මේ අස්වාභාවික විදිහට සුදු වුන කවුරුත් ලස්සන නැහැ. ඔබේ සම අවුවට වෙනස් වෙනවා. එය ස්වාභාවිකයි. ඔබ කළ යුත්තේ ඔබට උපතින් ලැබුන පැහැය රැක ගැනීමට උත්සහ දැරීමයි. පහත යොමුවේ ඇති ලිපියෙන් අප පෙන්වා දී තිබෙනවා කොහොමද ඔබේ ස්වභාවික සම ඒ අයුරින් රැක ගන්නේ කියලා.
සුසිනිඳු සමකට Aloe Vera face packs

කෝමාරිකා face packs ස්වාභාවික හා නැවුම් සම සුන්දරව තබාගැනීමට සහ හානිවූ සම අලුත්වැඩියාකර ඔබේ සම තබා ගැනීමට උපකාරී වේ. කෝමාරිකා යනු පිළිස්සීම්වලට ප්‍රතිකාර කිරීමට, තුවාල සුව කිරීමට අනාදිමත් කළක සිට භාවිතා කරන ඖෂධීය ශාකයකි. ඒ වගේම කෝමාරිකා  සමේ අහිතකර බැක්ටීරියා නසා, පෝෂණයකර, අකළට වයසට යෑම වළකා,  කුරුළෑ නසා, කැළැල් මකා සම ආරක්ෂාකර දෙයි.

 
ලස්සන වැඩි කරගන්න පුළුවන් පුදුම ක්‍රම

1) නිරෝගී කොන්ඩේකට බියර් ?

 
ඔබටත් පහසුවෙන් Saloon නොයා ගෙදර ඉදන්ම දීප්තිමත්, පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්

කාන්තාවකගේ සුන්දරත්වයට නිරෝගි සමක් ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ කාන්තාවන් වැඩි අවධානයක් යොමු කරන්නේ මුහුණට පමණයි. නමුත් ඔබේ ශරිරයේ සෑම ස්ථානයකම සමේ පැහැය එක ලෙස පවත්වා ගෙන යාම සුන්දරත්වය ගැන හිතනවා නම් අනිවාර්ය වැදගත් අංගයක්. ඒ නිසා අපි ඔබට කියන මේ උපදෙස් පිළිපදින්න ඔබ උනන්දු උනොත් ඔබේ සමේ සෑම ස්ථානයක්ම පිරිසිදුව, පැහැපත්ව පවත්වා ගෙන යාමට ඔබට හැකි වේවි.

 
ඔබේ හිසකෙස් හැලීයාමට හේතු මේවා විය හැකියි!

ඔබ විටමින් ඌණතාවයෙන් පෙළෙනවා විය හැකියි.

 
දිගු සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න ට්‍රික්ස්

01) මතක තියා ගන්න එක රැයකින් කොණ්ඩය වැවෙන්නේ නැහැ.

 
දෙහි පළුවක් මතට මී පැණි බිංදු 3 ක් දමා මුහුණේ ආලේපනය කලවිට සිදුවනදේ ඔබ මවිතයට පත්කරාවි

Blackheads ඇති වීම මගින් සමෙහි සෞඛ්‍යය සම්පන්න භාවය නැති කර දමනු ලබයි. බොහෝවිට මේවා මුහුණේ,කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හී අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි. අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා ‘Blackheads’ ඇති වේ. අපිරිසිදු කම නිසා පමණක් මේවා ඇති නොවේ. ඔබ ‘Blackheads’ ඉවත් කරනවා කියා තලා පොඩි කිරීමද එතරම් සුදුසු නොවේ.

 
ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

 
ඉහළින්ම තියෙන ඔලුව රැකගමු නේද ?

හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි.

 
හැමදාම තරුණව ඉන්න හැටි දැනගන්න කැමතිද?

තරුණව ලස්සනට සිටින්නට කවුද අකමැති? තරුණ බව රැකගන්නට ඔබ කුමන වයසක හිටියත් හැමදාම තරුණව ඉන්න නම් මෙන්න මේ දේවල් කරලා බලන්න.

 
අවස්ථාවට ගැළපෙන නිවැරදිව මේක් අප් එකක් කරගමුද ?

මේක් අප් එකකින් අප බලාපොරොත්තු වන්නේ තිබෙන ලස්සන තව තවත් වැඩි කරගැනීමයි. ඉතින් කාර්යාලයට ,උත්සවයකට යන අවස්ථාවන්වලදී අවස්ථාවට ගැළපෙන ලෙස තමන්ට තනිවම පුංචි මේක් අප් එකක් දා ගන්නට පුළුවන් නම් එය කාලය වගේම මුදලුත් ඉතිරි කරන්නක් වෙනවා.

 
 
Publish By www.ElaKella.com 2000