"මම කැමති නෑ එහෙම වෙනවට. මට දර්ශන තලයට ගියාම වැඩෙයි කෙරෙන්න ඕනෑ..." - - චතුරිකා පීරිස්

;මම තරහ ගිහින් ආපහු හැරිලා ගෙදර ආපු වෙලාවල් පවා තියෙනවා..."

"ඒ කාලය මුදල්වලින් ගත්තම විනාඩියට කීයද කියලා වැටෙනවා..."

ගයාන් වික්‍රමතිලක වගේම චතුරිකා පිරිස් කියන්නේ පුංචි තීරයට ගැළපෙනම පෙම් යුවළක්. මේ දෙන්නා සැබෑ ජීවිතයේත් පෙම්වතු වුණා. බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනාගත් ගයාන් වගේම චතුරිකාව නිරන්තරයෙන්ම දකින්න නොලැබුණත් ජනප්‍රියත්වය අතින් ඉදිරියෙන්ම ඉන්නවා. අලුත් තොරතුරු ගැන චතුරිකා පුවත්පතකට මේ විදිහට කතා කර තිබුණා. මේ ඒ ගැනයි.
 

චතුරිකා, ගයාන් දෙන්නා අලූත් වැඩකටයුත්තකට අත ගැහුවා නේද?
ගොඩක් කාලෙකට පස්සෙ ගයාන් අයියා අලූත් ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න අත ගැහුවා. ඉතින් මටත් ඒ වෙනුවෙන් සහයෝගයක් දෙන්න වෙලා තියෙනවා. මෙහි නිෂ්පාදන කටයුතු අපේ ළඟම හිතවතෙක් වන වරුණ ජයරත්නගෙ. පසුගිය කාලෙ රංගන කටයුතු නිසා අයියටත් මටත් මේවගේ දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ.
 
 ගයාන්  සහ චතුරිකාත් මේ වෙනුවෙන් රංගනයෙන් දායකවෙලා ඉන්නවද?
ඔව් අපි දෙන්නම දායකවෙලා ඉන්නවා. ගයාන් අයියා නම් මුලින්ම සම්බන්ධ වෙන්න බෑ කිව්වා. නමුත් නිෂ්පාදක කණ්ඩායමේ බලවත් ඉල්ලීම මත කැමැත්ත ප්‍රකාශ කළා.
 
නිර්මාණයක් කරනවා කියන්නෙ විශාල අභියෝගයක් නේද?
මට කොහොමත් මේ දේ පුරුදුයි. මම මේ වෙද්දි ටෙලිනාට්‍ය දහයක් නිෂ්පාදනය කරලා තියෙනවා. නිෂ්පාදනය කියන දේ මට අලූත් දෙයක් නෙමෙයි. ලබන අවුරුද්දෙත් අපේ අලූත් නිර්මාණයක් නිෂ්පාදනය කරනවා. මේ අවුරුද්දෙ නිෂ්පාදන කටයුත්තකට අතගැහුවෙ නැත්තෙ වැඩ වැඩිවුණා. ඒ වගේම අපේ අලූත් නිවසෙ වැඩ කටයුතු ටිකක් තිබුණා අවසන් කරන්න. ඒවාත් එක්ක ටිකක් හිරවෙලා හිටියෙ. කොහොමත් අපේ නිෂ්පාදනයක් කරද්දි මම කැමතියි වැඩවලින් නිදහස් වෙන්න. ඉතින් වැඩ ටිකක් ඉවර වුණාම අපේ වැඩක් ඉක්මනින් කරන්න ඕනෑ.
 
රංගන කටයුතු එක්ක ජීවිතේ කළමනාකරණය කරගෙන යන්නෙ කොහොමද?
කොහොම වුණත් අපේ තියෙන්නෙ සාමාන්‍ය ජීවිතයක්. හැමදේම බෙදා හදාගෙන කළමනාකරණය කරගෙන යනවා. දායකවෙලා ඉන්න නිර්මාණ කටයුතු වුණත් කාටවත් කරදරයක් නොවෙන්න වෙලාව වුණත් යොදවලා කළමනාකරණය කරගෙන යනවා.
 
චතුරිකා පීරිස් වෙලාවට වැඩ කරනවා කියන්නෙ ඇත්තද?
මෙහෙමයි මම රූගත කිරීම්වලට ඉස්සර නම් කියන වෙලාවටත් කළින් ගිහින් තියෙනවා. ඒත් ඒ කියන වෙලාවටම කව්රුත් වැඩ කරන්නෙ නෑ. මම තරහ ගිහින් ආපහු හැරිලා ගෙදර ආපු වෙලාවල් පවා තියෙනවා. ඒත් ඒක හරියන්නෙ නැති නිසා පසුගිය කාලෙ නම් කියන වෙලාවට ගියෙ නෑ. ඒ වෙලාවට පැය භාගයක් පරක්කුවෙලා යන්න පටන් ගත්තා. එතකොට මට තරහකුත් නෑනෙ. අපි කියන වෙලාවට යනවනම් ඒ විදියට ඒ අයත් වැඩ කරන්න ඕනෑනෙ. මොකද කාලය කියන දේ කාටත් වටිනවනෙ.
 
ඒ කියන්නෙ චතුරිකාට ඉක්මනින් තරහ යනවා?
එහෙම නෑ. ඒත් පැය භාගයක් වුණත් අපිට වටිනවා. නාස්ති වෙන පැයභාගෙ නිදාගන්න එකත් වටිනවා. මොකද ඒවා වැඩිපුර බලපාන්නෙ අපේ භාහිර ස්වරූපයට. ඒ නිසා ඒ හැමදේම කැප කරගෙන අපි වැඩකට යනවනම් ඒ හැමදේම අවස්ථාවට අනුව සිද්ධවෙන්න ඕනෑ.
 
ඉතින් අද කාලෙ අවස්ථාවට අනුවම වැඩ සිද්ධ වෙනවද?
අද ගොඩක් නවක රංගන ශිල්පීන් මම දැකලා තියෙනවා වැඩ නොකර ඔහේ කතා කර කර ඉන්නවා. මම කැමති නෑ එහෙම වෙනවට. මට දර්ශන තලයට ගියාම වැඩෙයි කෙරෙන්න ඕනෑ. ඉතින් මම සම්බන්ධවෙන වැඩකදී නම් ටිකක් පරක්කු වුණත් මම ඒ අයගෙන් අහනවා ඇයි වැඩ පටන් ගන්නෙ නැත්තෙ? මොකද පරක්කු කියලා. මොකද මෙහි තවත් පැත්තක් තියෙනවා.

නිෂ්පාදකවරියක් විදියට මම දන්නවා ඒ විදියට පැය භාගයක් පැයක්, විනාඩි 45 පරක්කු වෙන්න ගියාම ඒ යන කාලෙට වඩා තියෙන්නෙ මූල්‍යමය වටිනාකමක්. ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරද්දි ඒ කාලය මුදල්වලින් ගත්තම විනාඩියට කීයද කියලා වැටෙනවා. විනාඩි 10 ක් පරක්කු වුණාම රුපියල් 100ක් පාඩුයි. 20ක් වුණාම 200 යි ඒ වගේ පාඩුවෙනවා. ඉතින් මේ දේවල් එක්ක නිෂ්පාදකවරු කියන අය අද රැකගන්න ඕනෑ. ටෙලිනාට්‍ය නළු නිළියන්ටත් වගකීමක් තියෙනවා ඒ කරන කාර්යය හරියට ප්‍රයෝජන ගන්න.
 
මේ දවස්වල අලූත් වැඩ මොනවද?
මේ දවස්වල නම් කිසිම නිර්මාණයක් භාරගත්තෙ නෑ. චන්ද්‍රරත්න මාපිටිගම මහත්මයාගේ වැඩකට සම්බන්ධවෙලා හිටියා. සිනමා නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවගේ තිර පිටපතත් එක්ක තමයි සම්බන්ධ වෙනවද කියන දේ තීරණය වෙන්නෙ. ඉදිරියේදි අපේම සිනමා නිර්මාණයක් කරන්න තමයි තියෙන බලාපොරොත්තුව.


(under the courtesy of hirutv.lk blog web)

" ඒ හැමදේම සුන්දර මතකයන් නිසා ගෙවෙන හැම තත්පරයම සතුටින් ජීවත් වෙනවා..."

"එහෙම වුණා කියලා මගේ ආදරය වෙනස් වෙලා නැහැ...""ඇත්තටම දැන් පසුතැවීමක් එනවා. මීට කලින් බබාව

 
"මම කැමති නෑ එහෙම වෙනවට. මට දර්ශන තලයට ගියාම වැඩෙයි කෙරෙන්න ඕනෑ..." - - චතුරිකා පීරිස්

;මම තරහ ගිහින් ආපහු හැරිලා ගෙදර ආපු වෙලාවල් පවා තියෙනවා...""ඒ කාලය මුදල්වලින් ගත්තම විනාඩියට කීයද කියලා

 
"මම ඒවගෙන් අයුතු ප්‍රයෝජනයක් නොගෙන ජීවත් වෙන්න තමයි නිතරම උත්සාහ කරන්නේ..." - ගිරිරාජ් කෞශල්‍ය

"මම ෂූටින් ගියාට පස්සෙ ඇය කෝල් කරන්නෙම නැහැ.." "මට හිතෙනවා මම හොඳ තාත්තෙක් කියලා.."

 
" ගොඩක් අය විවාහ වෙලා ඉක්මනින්ම ඩිවෝස් වෙනවා, ඇත්තටම මම කැමැති ආදරේට වඩා සල්ලි තියෙනවා නම්.."

"අදටත් මට ආදරේ කරන අයට වඩා වෛර කරන අය වැඩියි...:"මාව ළඟින්ම ආශ්‍රය කරන අය මාව කපලා තියෙනවා. මම

 
"මට ලොකු බලාපොරොත්තු නැහැ, තියාගන්න බලාපොරොත්තු ඉටු වුණේ නැත්නම් ලොකු දුකක් හිතෙනවා..."

"මමමද ඒ චරිතය කරන්නේ කියලා. එයා කිව්වා එයා ගොඩාක් ආදරෙන් රසවින්දා කියලා.

 
රංගන ශිල්පිණියක් වුණාම ඕනෑම චරිතයක් කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනෑ. - තනූජා ලංකාවට ඇවිත් කියපු කතාව

මට හිතුණා දැන් ආපහු රගපාන්න ඕනෑ කියලා...මම ලංකාව දාලා ගියේ මගේ හොදම කාලයේ...

 
"එයාට මම නැතුව එයාගේ ජීවිතයට වෙන ඕනෑ තරම් අය තෝර ගන්න තිබුණා" - ඩිල්රුවන් පෙරේරාගේ බිරිඳ කියයි

මගෙන් යාළුවෙන්න අහද්දී මගේ හිතෙත් ඔහු ගැන කැමැත්තක් තිබුණා..

 
"රංගන හදාරලා ආවත් චරිත ලැබෙන්නේ වෙනත් බලපෑම් සහ තෝරා ගැනීම් මත තමයි.."

"කව්ද එහෙම කියන්නේ,මම දන්න කිසිම කෙනෙක් එහෙම කියන්නෙ නැහැ..."

 
නිලුක්ෂි වැඩිපුර පේන්න නැති හේතුව

නිලුක්ෂි මේ දවස්වල නිර්මාණ දෙකකින් පේන්න ඉන්නවා..?ඔව්. ඒ තාත්තා සහ විසූවියස් කඳුපාමුල කියන නාට්‍ය

 
පුංචි දෝණි දැකපු අය ඕෂධීට කියන දේ

ඕෂධිගේ කැදැල්ලට තවත් අමුත්තියක් එකතු වෙලා. ගොඩක් සතුටින් ඇත්තේ?