"මගේ මුල්ම පෙම්වතා වුණේ මේනක රාජපක්ෂ, ඒත් ඒ ආදර කතාව වැඩිදුර යන්නේ නැහැ..."

"අපි ආදරය කරද්දි අපි තෝරගන්න ඕනෑ අපිව විශ්වාස කරන කෙනෙක්වයි..."

"හැබැයි ඔහු මම කලාවට එනවට කැමැති වුණේ නැහැ..."

මේනකා පිරිස් කියන්නේ දක්ෂ නර්තන ශිල්පිණියක්. ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඒ නිසාම නිරන්තරයෙන්ම ඇයව සමාජ ජාල වෙබ් අඩවිවලින් කතා බහට ලක් වෙනවා. දැන් මේනකා පෙම්වතියක්ලු. ඒ ගැන වගේම ඇයගේ ආදරේ ගැන මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබෙනවා. මේ ඒ කතාබහයි.

මේනකාගේ හිත ආදරය හදුනාගන්නේ ?
ඉස්කොලේ කාලේදී මම කොල්ලෙක් වගෙයි. ක්‍රීඩාවලට වගේම මම නර්ථනය ඉගෙන ගන්නත් උනන්දු වුණා. මගේ මේ දක්ෂතා නිසා මාව පාසැලේ බාලිකාවන් අතර ජනප්‍රිය චරිතයක් වෙලා හිටියා. හැබැයි පාසැල් වියේ මට ප්‍රේම සබදතා නම් තිබිලා නැහැ.

ඉස්කොලෙන් පස්සේ ?
ඊට පස්සෙත් මම දිගටම නර්ථනය හැදෑරුවා. මට ඕනෑ වුණේ නිළියක් වෙන්න නෙවෙයි නර්ථන අංශයෙන් ඉදිරියට යන්න. බුදවත්ත සර් යටතේ නැටුම් ඉගෙන ගන්න කාලෙ අපිට රූපවාහිනී නාලිකවක නර්ථන තරගයක් වෙනුවෙන් නර්ථනය ඉදිරිපත් කරන්න අවස්ථාව හිමිවුණා.

මේනකාගේ ජිවිතයට ආදරයක් හමුවන්නේ ?
ඔය කාලේම තමයි මට මගේ ප්‍රථම ප්‍රේමය හමුවෙන්නේ. ඒත් ඒ ආදර කතාව වැඩිදුර යන්නේ නැහැ. මට රංගයට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවුණා. හැබැයි ඔහු මම කලාවට එනවට කැමැති වුණේ නැහැ. මේ දේවල් එක්ක ඒ ආදර කතාව මැකිලා ගියා.

තිරයේ මේනකාට ඉස් ඉස්සරලාම ‍පෙම්කරන්න හමුවෙන්නේ ?
තිරයේ මට ඉස්සරලාම පෙම්කරන්න ලැබෙන්නේ මගේම නම තියෙන කෙනෙකුට. ඒ මේනක රාජපක්ෂ. වැඩියෙන්ම මට රගපාන්න ලැබෙන්නේ පරාජිත පෙම්වතියගේ චරිතයයි. මට හිතෙනවා මට සාර්ථකව රගපාන්න පුළුවන් පරාජිත පෙම්වතියගේ චරිතය කියලා. එහෙම වුණාට මම පෞද්ගලිකව වෙනස් චරිත රගපාන්න කැමැතියි.

මේනකාගේ ජිවිතය දිනාගත් ආදරය කලාවෙන්ද හමුවෙන්නේ ?
එයා මට හමුවුණ විදිහ මේ යැයි මට විස්තර කරන්න අපහසුයි. මම මෙහෙම කියන්නම්. ජිවිත ගමනේ ඉදිරියට යද්දි මට දෛවය විසින් ඒ ආදරය මුණගස්වනවා. එයා කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒ වගේම මම නිළියක් කියලා හිතලා මට සමිප වුණ කෙනෙකුත් නෙවෙයි. එයා කැමැති වුණේ මගේ සාමාන්‍ය සරළ ජිවන ස්වභායටයි.

ඒ ආදරයෙන් හා හා පුරා කියලා මේනකා ලද තිළිණය මොකක්ද ?
මට එයාගෙන් ලැබුණේ ලස්සන මුද්දක්.

කලාවට සබදතා නැති ඔහුගෙන් මේනකාගේ කලා දිවියට ලැබෙන උදව් උපකාර කොතරම්ද ?
සහයෝගයක් කියන්නේ ලොකුවට උදව් ලැබෙනවා කියලා නැහැ. එහෙමයි කියලා බාධා කිරීමකුත් නැහැ. නමුත් ඉතින් ආදරය කරන කෙනා අකමැති වුණොත් හරි කලාව මගේ පෞද්ගලික දිවියේ කටයුතු වලට බාධාවක් වෙනවා නම් හරි කලාවෙන් ඈත්වෙන එක මට අසීරු දෙයක් නෙවෙයි. මම කැමැති නිළියක් විදිහට ඉදිරියට යනවට වඩා ව්‍යාපාරික පැත්තෙන් ඉදිරියට යන්නයි.

මේනකාගේ ආදර කතාවේදී දෙමව්පිය ආශිර්වාදය කොයි තරම් දුරට වැදගත් වුණාද ?
ඒක මට හරිම වැදගත්. දෙමව්පියන්ගේ ආශිර්වාදය මම අනිවාර්යෙන්ම බලාපොරොත්තු වුණා. මගේ අම්මයි තාත්තයි මගේ සතුට ගැන හිතනවා. මම තෝරාගත් ප්‍රේමයට අම්මලාගෙන් ආශිර්වාද ලැබුණා.

හෙට අනිද්දාම මේනකා පෙම්වතියගේ චරිතයෙන් බිරියකගේ චරිතයට මාරුවෙන්න සුදානමින්ද ?
මේ අවුරුද්ද අවසන් වෙද්දි විතර ඒ ගැන තොරතුරු කියන්නම්. කොහොමටත් මම කැමැතියි ඒ කටයුතු ආසන්නයට එනතුරු එයාගේ වෘත්තීය නම වගේම අපේ විවාහ මංගල්‍ය ගැන තොරතුරු ප්‍රසිද්ධ වෙනවාට.

මේනකාගේ ආදර කතාව රටට කියන එක කරදයක්ද?
ඔව්. ගොඩක් වෙලාවට නිදහස සීමා වෙනවා. වෙලාවකට එහෙම වුණ එක ගැන දුකක් ඇතිවෙනවා.

මේනකාගේ ආදර කතාවේ මත ගැටුම් හැල හැප්පීම් වලින් නිසංසලේ ගලායනවාද ?
එහෙම කියන්න බැහැ. මේ ලොකේ කාටවත් සියයට සියයක් ගැළපෙන සමාන විදිහට හිතන පතන අය හුමවෙන්නේ නැහැ. දෙදෙනෙක් එකතුවෙලා ජීවත් වෙද්දි ඒ නොගැලපීම් හදුනාගෙන ඒ දෙවල් ඉවසගෙන ඉදිරියට යෑම තමයි සිදුවිය යුත්තේ.

ඔබගේ වෘත්තීය ස්වභාවය අනුව කටකතා විශ්වසායන් බිදියන අවස්ථා වැඩියි නේද ?
කලා ක්ෂේත්‍රයේ  නෙවෙයි ඕනෑම ක්ෂෙත්‍රයක කටකතා වලට කෙනෙකුට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒවා සාමාන්‍ය දේවල්නේ. අපි ආදරය කරද්දි අපි තෝරගන්න ඕනෑ අපිව විශ්වාස කරන කෙනෙක්වයි. මම ආදරය කරන කෙනා මාව විශ්වාස කරන නිසා මට එවැනි ප්‍රශ්න ඇතිවෙලා නැහැ.



(under the courtesy of hirutv.lk blog web)

" ඒ හැමදේම සුන්දර මතකයන් නිසා ගෙවෙන හැම තත්පරයම සතුටින් ජීවත් වෙනවා..."

"එහෙම වුණා කියලා මගේ ආදරය වෙනස් වෙලා නැහැ...""ඇත්තටම දැන් පසුතැවීමක් එනවා. මීට කලින් බබාව

 
"මම කැමති නෑ එහෙම වෙනවට. මට දර්ශන තලයට ගියාම වැඩෙයි කෙරෙන්න ඕනෑ..." - - චතුරිකා පීරිස්

;මම තරහ ගිහින් ආපහු හැරිලා ගෙදර ආපු වෙලාවල් පවා තියෙනවා...""ඒ කාලය මුදල්වලින් ගත්තම විනාඩියට කීයද කියලා

 
"මම ඒවගෙන් අයුතු ප්‍රයෝජනයක් නොගෙන ජීවත් වෙන්න තමයි නිතරම උත්සාහ කරන්නේ..." - ගිරිරාජ් කෞශල්‍ය

"මම ෂූටින් ගියාට පස්සෙ ඇය කෝල් කරන්නෙම නැහැ.." "මට හිතෙනවා මම හොඳ තාත්තෙක් කියලා.."

 
" ගොඩක් අය විවාහ වෙලා ඉක්මනින්ම ඩිවෝස් වෙනවා, ඇත්තටම මම කැමැති ආදරේට වඩා සල්ලි තියෙනවා නම්.."

"අදටත් මට ආදරේ කරන අයට වඩා වෛර කරන අය වැඩියි...:"මාව ළඟින්ම ආශ්‍රය කරන අය මාව කපලා තියෙනවා. මම

 
"මට ලොකු බලාපොරොත්තු නැහැ, තියාගන්න බලාපොරොත්තු ඉටු වුණේ නැත්නම් ලොකු දුකක් හිතෙනවා..."

"මමමද ඒ චරිතය කරන්නේ කියලා. එයා කිව්වා එයා ගොඩාක් ආදරෙන් රසවින්දා කියලා.

 
රංගන ශිල්පිණියක් වුණාම ඕනෑම චරිතයක් කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනෑ. - තනූජා ලංකාවට ඇවිත් කියපු කතාව

මට හිතුණා දැන් ආපහු රගපාන්න ඕනෑ කියලා...මම ලංකාව දාලා ගියේ මගේ හොදම කාලයේ...

 
"එයාට මම නැතුව එයාගේ ජීවිතයට වෙන ඕනෑ තරම් අය තෝර ගන්න තිබුණා" - ඩිල්රුවන් පෙරේරාගේ බිරිඳ කියයි

මගෙන් යාළුවෙන්න අහද්දී මගේ හිතෙත් ඔහු ගැන කැමැත්තක් තිබුණා..

 
"රංගන හදාරලා ආවත් චරිත ලැබෙන්නේ වෙනත් බලපෑම් සහ තෝරා ගැනීම් මත තමයි.."

"කව්ද එහෙම කියන්නේ,මම දන්න කිසිම කෙනෙක් එහෙම කියන්නෙ නැහැ..."

 
නිලුක්ෂි වැඩිපුර පේන්න නැති හේතුව

නිලුක්ෂි මේ දවස්වල නිර්මාණ දෙකකින් පේන්න ඉන්නවා..?ඔව්. ඒ තාත්තා සහ විසූවියස් කඳුපාමුල කියන නාට්‍ය

 
පුංචි දෝණි දැකපු අය ඕෂධීට කියන දේ

ඕෂධිගේ කැදැල්ලට තවත් අමුත්තියක් එකතු වෙලා. ගොඩක් සතුටින් ඇත්තේ?