අපි විවාහ වෙනකොට එයා එයා ගේ පරණ ආදර කතා හැමදේම මගෙත් එක්ක කිව්වා.." - දිමුත්ගේ නොදන්න රහස් බිරිඳ අනුරාධා හෙළි කරයි

"එයාට ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ප්‍රේම සම්බන්ධකම් තිබිලා තියෙනවා.."

"කණ්නාඩිය ඉස්සරහට වෙලා කොණ්ඬේ හදන එකම තමයි වැඬේ.."

දිමුත් කරුණාරත්න කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන නිහතමානි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. වර්ෂ ගණනාවක් ජාතික කණ්ඩායමෙන් නොදැක්ක ඔහුව පසුගියදා යලිත් දකින්න ලැබුණා. ඔහුගේ ආදරණීය බිරිඳ අනුරාධා කුරුකුලසූරිය ඔහු ගැන කියන්නේ මෙහෙමයි.
මේ දවස්වල ගෙදරලූ
එයා මේ දවස්වල හොඳට එක දිගට සෙල්ලං කළානේ. ඒ හින්දා මේ ටිකේ පොඩි විවේකයක් එක්ක ඉන්නවා ගෙදරට වෙලා. ඊට අමතරව මේ දවස්වල ඒගොල්ලන්ගේ මැච් වගයක් යනවා. ඒ ටික ප්ලේ කරගෙන පුහුණුවීම් කටයුතු කරගෙන ඉන්නවා.

දිමුත්ට තරුණියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර
මේ දවස්වල තරුණියන්ගෙන් විතරක් නෙමෙයි හැමෝගෙන්ම වගේ ප්‍රතිචාර වැඩියි. වෙනදාටත් වැඩිය මේ දවස්වල එළියට ගියාම ගොඩක් හොඳ ප්‍රතිචාර හැමෝගෙන්ම වගේ ලැබෙනවා. ලකුණු අතරට නැවත පැමිණීම ප්‍රතිචාර වැඩිවෙන්නත් හේතුවක්. මටත් ඉතිං ගොඩක් සතුටුයි. එයා නැවත ලකුණු අතරට ඇවිල්ලා හොඳට සෙල්ලම් කරන එක ගැන. තවත් ඉස්සරහට තවත් හොඳට ප්ලේ කරනවා නං හොඳයි කියලා හිතනවා.

විවේකය ගත කරන්නේ
එයා විවේකයක් තියෙනවා නං ගොඩක් වෙලාවට නිදා ගන්න තමයි කැමති. මැචස් ප්ලේ කරලා මහන්සි නිසා වෙන්නත් ඇති. ඉතිං ගෙදර හිටියොත් වැඩිපුරම කරන්නේ නිදා ගන්න එක. ඊට අමතරව නිදා ගත්තේ නැත්නම් ෆිල්ම්ස් බලනවා. එයා ගොඩක්ම කැමැති දමිළ චිත්‍රපටවලට. විවේකයක් ලැබුණොත් ෆිල්ම්ස් බලනවා. පොත් පත්තර කියවනවා වගේ දේවල් වලට නං ටිකක් හොරයි.

ගෙදර ජිවිතේ
ගෙදර ඉන්න වෙලාවට මටත් ඉතිං ලොකු සහයෝගයක් හම්බවෙනවා. හැබැයි ඉතිං අන්තිමට බලපුවාම එයාගෙන් උදව් ගන්නවට වඩා එයාගේ වැඩ ටිකත් මමම කරන එක තමයි අන්තිමට වෙලා තියෙන්නේ. හරියටම බැලූවොත් ඉතිං එයාගෙන් උදව් ගන්නවාට වඩා මං එයාගෙන් උදව් ගන්න එක තමයි කරන්නේ. ඇයි ඉතිං ගෙදර ඉන්න වෙලාවට වැඩිපුරම නිදා ගන්න එකනේ කරන්නේ. ඉතිං එයා ගෙදර ඉන්නකොට සහයෝගය කෙසේ වෙතත් මට තියෙන වැඩත් වැඩිවෙන එක තමයි වෙන්නේ. ගෙදර ආවම එයා ක්‍රිකටර් කෙනෙක් කියලා හිතන් ජීවත් වෙන්නේ නෑ. ගෙදර අයත් එක්ක එකතුවෙලා සතුටින් ඉන්න තමයි උත්සහ කරන්නේ.

වැඩිපුරම යන්න කැමැති
ගොඩක් වෙලාවට යාළුවොත් එක්ක නං යනවා කියලා එකක් නැහැ. හැබැයි හුඟක් වෙලාවට අපි දෙන්න නං එළියට යනවා. හුඟක් නිස්කලංක පැත්තකට තමයි යන්න කැමැති. අපි දෙන්නත් එක්ක එහෙම පැත්තකට ගිහිල්ලා පොඞ්ඩක් ඇවිදලා එනවා. වෙන රටවල් ගැන හිතුවොත් නං එයා නවසීලන්තයට යන්න හරිම කැමැතියි. ඒ රටට හුඟක් ආසයි. අන්තිමට අපි ගිහිං ආවෙත් නවසීලන්තයට.

අකමැතිම සහ කැමැතිම ගතිගුණය
අකමැතිම ගතිගුණය ඉතිං ගෙදර හිටියොත් නිදාගන්න එක තමයි. එහෙට මෙහෙට යන එකත් අඩුයි. එයාට රෙස්ට් එකකුත් ඕනේ තමයි. ඒත් ඉතිං මං නං අකමැතිම ගෙදර ඉන්න පුංචි වෙලාවෙත් නිදා ගන්න එක. කැමැතිම ගති ගුණය නම් එයා හරි හොඳයි.අනික එයාට පුළුවන් හැමවෙලාවෙම මා ගැන හොයලා බලනවා. ඒ ගති ගුණයටත් මං හරිම කැමැතියි.

ප්‍රථම ප්‍රේමය
අපි විවාහ වුණේ යෝජනාවකට අනුව. හැබැයි අපි විවාහ වෙනකොට එයා එයා ගේ පරණ ආදර කතා හැමදේම මගෙත් එක්ක කිව්වා. අපි දෙන්නම අපි දෙන්නගේ ජිවිතේ දේවල් මුල ඉඳලාම කතා කරගත්තා. දිමුත්ට ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ප්‍රේම සම්බන්ධකම් තිබිලා තියෙනවා. ඒක තමයි ඉතිං එයාගේ ප්‍රථම ප්‍රේමය. නම ගම විස්තර හැමදේම කිව්වා හැබැයි කිසිම දෙයක් හංගන්නේ නැහැ. හැමදේම ඇවිල්ලා කියනවා මගෙත් එක්ක. එහෙම දේවල් හංගන්නේ නෑ ඉතිං මගෙන්.

වෙන මොනවාටද කැමැති
එයා හරිම ආසයි ෆුට් බෝල් වලට. ගෙදර ඉන්න වෙලාවට යාළුවොත් එක්ක ෆුට් බෝල් සෙල්ලං කරන්න යනවා. අනිත් ලස්සනම වැඬේ ෆුට් බෝල් මැච් තිබුණොත් එකක් නෑර ඔක්කොම බලනවා. පුළුවන් නම් මට හිතෙන්නේ ෆුට් බෝල් වලටම යොමු වෙයි. මොකද එච්චරට ආසයි ඒක්‍රීඩාවට.

කන්න කැමතිම කෑම
එයා හරිම ආසයි සෝයා කන්න. සෝයයි පොල් සම්බෝලයි තමයි ඉතිං එයා වැඩිපුරම කන්න කැමැති. ගොඩක් වෙලාවට ඒ කෑම දෙජාතිය තමයි එයාට ඕනේ.

කැමැතිම කාටද?
ක්‍රිකට් වල නං දිමුත් කැමැතිම කුමාර් සංගක්කාරට. එයාගේ පරමාදර්ශී චරිතය මං හිතන්නේ කුමාර්. රංගන ශිල්පින් අතුරින් නම් ධනංජය සිරිවර්ධනට හුඟක් කැමැතියි.

වැඩිපුර හිතන දේවල්
කොහේ හරි යන්න හැදුවොත් නම් වැඩිපුරම හිතන්නේ කොණ්ඬේ ගැන. කණ්නාඩිය ඉස්සරහට වෙලා කොණ්ඬේ හදන එකම තමයි වැඬේ.

කේන්ති ගිය දිමුත්
එයාට එහෙම කේන්ති යන්නේ නෑ. හිනාවෙලා තමයි හැමතිස්සෙම ඉන්නේ. රණ්ඩු කරගන්නේ කෑ ගහන්නේ කේන්ති ගන්න කෙනෙක් නෙමෙයි. හුඟක් නිහතමානී කෙනෙක්. හැමෝම එක්කම කතා බහ කරලා සතුටින් නිදහසේ ඉන්න තමයි කැමැති. ලොකුවට ප්‍රශ්න ඔළුව උඩ තියන් ඉන්න කැමති කෙනෙක් නෙමෙයි.

දුක සතුට දැනුනු වෙලාවට
ප්‍රශ්නයක් ආපු වෙලාවට තනියම පැත්තකට වෙලා ඉන්නවා. එතකොට ඉතිං අපි තේරුම් ගන්න ඕන මේ ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙක තමයි කියලා. දුකෙන් නම් ඉතිං මං උත්සහ කරන්නේ ප්‍රශ්නේ දැනගෙන ඒක අමතක කරවල දාන්න තමයි.

දිමුත්ගේ විලාසිතා
විලාසිතා කරනවා ඉතිං එයාට ගැලපෙන විදිහට. හුඟක් වෙලාවට මගෙනුත් අහනවා මේක හොඳයිද කියලා. ගොඩක් වෙලාවට එයාගේ ඇඳුම් මම තමයි තෝරන්නේ. ලොකුවට විලාසිතා වලට නැඹුරු වෙලත් නැහැ. විලාසිතා කරන්නෙත් හරි සාමාන්‍ය විදිහට.

අපි නොදන්න රහස්
දිමුත්ට පොඩි රථ ගායක් නම් තියෙනවා. ඇත්තටම කවුරුත් වැඩිය දන්නේ නෑ දිමුත්ගේ මේ වාහන පිස්සුව ගැන. එයාගේ වාහනේ වෙනස් කරන්න හරිම කැමතියි. අවුරුද්දෙන් අවුරුද්ද වගේ එයාගේ වාහනේ වෙනස් කරනවා. හැමතිස්සෙම බලන්නේ අලූතින් එන වාහනේ ගන්න.



(under the courtesy of hirutv.lk blog web)

" ඒ හැමදේම සුන්දර මතකයන් නිසා ගෙවෙන හැම තත්පරයම සතුටින් ජීවත් වෙනවා..."

"එහෙම වුණා කියලා මගේ ආදරය වෙනස් වෙලා නැහැ...""ඇත්තටම දැන් පසුතැවීමක් එනවා. මීට කලින් බබාව

 
"මම කැමති නෑ එහෙම වෙනවට. මට දර්ශන තලයට ගියාම වැඩෙයි කෙරෙන්න ඕනෑ..." - - චතුරිකා පීරිස්

;මම තරහ ගිහින් ආපහු හැරිලා ගෙදර ආපු වෙලාවල් පවා තියෙනවා...""ඒ කාලය මුදල්වලින් ගත්තම විනාඩියට කීයද කියලා

 
"මම ඒවගෙන් අයුතු ප්‍රයෝජනයක් නොගෙන ජීවත් වෙන්න තමයි නිතරම උත්සාහ කරන්නේ..." - ගිරිරාජ් කෞශල්‍ය

"මම ෂූටින් ගියාට පස්සෙ ඇය කෝල් කරන්නෙම නැහැ.." "මට හිතෙනවා මම හොඳ තාත්තෙක් කියලා.."

 
" ගොඩක් අය විවාහ වෙලා ඉක්මනින්ම ඩිවෝස් වෙනවා, ඇත්තටම මම කැමැති ආදරේට වඩා සල්ලි තියෙනවා නම්.."

"අදටත් මට ආදරේ කරන අයට වඩා වෛර කරන අය වැඩියි...:"මාව ළඟින්ම ආශ්‍රය කරන අය මාව කපලා තියෙනවා. මම

 
"මට ලොකු බලාපොරොත්තු නැහැ, තියාගන්න බලාපොරොත්තු ඉටු වුණේ නැත්නම් ලොකු දුකක් හිතෙනවා..."

"මමමද ඒ චරිතය කරන්නේ කියලා. එයා කිව්වා එයා ගොඩාක් ආදරෙන් රසවින්දා කියලා.

 
රංගන ශිල්පිණියක් වුණාම ඕනෑම චරිතයක් කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනෑ. - තනූජා ලංකාවට ඇවිත් කියපු කතාව

මට හිතුණා දැන් ආපහු රගපාන්න ඕනෑ කියලා...මම ලංකාව දාලා ගියේ මගේ හොදම කාලයේ...

 
"එයාට මම නැතුව එයාගේ ජීවිතයට වෙන ඕනෑ තරම් අය තෝර ගන්න තිබුණා" - ඩිල්රුවන් පෙරේරාගේ බිරිඳ කියයි

මගෙන් යාළුවෙන්න අහද්දී මගේ හිතෙත් ඔහු ගැන කැමැත්තක් තිබුණා..

 
"රංගන හදාරලා ආවත් චරිත ලැබෙන්නේ වෙනත් බලපෑම් සහ තෝරා ගැනීම් මත තමයි.."

"කව්ද එහෙම කියන්නේ,මම දන්න කිසිම කෙනෙක් එහෙම කියන්නෙ නැහැ..."

 
නිලුක්ෂි වැඩිපුර පේන්න නැති හේතුව

නිලුක්ෂි මේ දවස්වල නිර්මාණ දෙකකින් පේන්න ඉන්නවා..?ඔව්. ඒ තාත්තා සහ විසූවියස් කඳුපාමුල කියන නාට්‍ය

 
පුංචි දෝණි දැකපු අය ඕෂධීට කියන දේ

ඕෂධිගේ කැදැල්ලට තවත් අමුත්තියක් එකතු වෙලා. ගොඩක් සතුටින් ඇත්තේ?